ආපදා ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමේ තීරණය විදුහල්පතිට
- 2017-05-28 11:18:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.
අපදාවන් හේතුවෙන් තම පාසලට එල්ලවන බලපෑම සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් විදුහල්පතිවරුන්ට මෙම තීරණය ගැනීම අවසරය ලබා දී තිබේ.
එමෙන්ම අදාළ තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මේ අතර විපතට පත් වු පාසල් දරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දී ඇත.
පාසල් දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත්, නිලඇදුම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්, අවශ්‍ය සෙසු සහන සැලසීම සඳහාත් මෙලෙස තොරතුරු ලබා ගැනීමට තීරණය කොට ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments