දක්ෂ තෝරාගත් දරුවන්ට පාවහන් තිළිණ පත්
- 2017-12-12 10:51:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හඳුනාගත් දක්ෂ පාසල් දරුවන් වෙත 2018 වසර සඳහා පාවහන් තිළිණපත් ලබාදීමේ නිල වැඩසටහන ඊයේ (11දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ දුෂ්කර, අතිදුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ, හදුනාගත් අවශ්‍යතා සහිත පාසල් 4469ක සිසු දරුවන් 647200 දෙනෙක් වෙනුවෙන් 2018 වසර සඳහා පාවහන් තිළිණපත් පිරිනැමෙයි.
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැයකර ඇති මුදල රුපියල් මිලියන 853ක්. 2017-12-31 දින දක්වා මෙම තිළිණපත් සඳහා පාවහන් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස සියලු වෙළඳසැල් හිමියන් මේ වනවිටත් දැනුවත් කර තිබේ. මෙම පාවහන් තිළිණපත් කාණ්ඩ 4කින් නිකුත් කර තිබෙන අතර, 1-3 ශ්‍රේණි දරුවන් සඳහා නිකුත් කර ඇති තිළිණ පත් වටිනාකම රුපියල් 1200ක් ද, 4-5 ශ්‍රේණි සඳහා තිළිණපත් වටිනාකම රුපියල් 1300ක් ද, 6-9 ශ්‍රේණි සඳහා තිළිණපත් වටිනාකම රුපියල් 1400ක් ද වන අතර, 10 13 ශ්‍රේණි සඳහා රුපියල් 1500ක් වටිනා තිළිණපතක් ලබාදීමට කටයුතු කෙරෙයි.
වෙළඳ සැල් හිමියන්ට මෙම තිළිණපත් බැරකළ හැක්කේ ලංකා බැංකු හා මහජන බැංකු ගිණුම් සඳහා පමණක් වන අතර, මෙම තිළිණපත් 2018-01-15 දින දක්වා බැංකුගතකිරීම සිදු කළ හැකි බවට ද සියලු වෙළඳසැල් හිමියන් දැනුවත් කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments