ආසියානු පැසිෆික් ළමා සමුළුවට ශ්‍රී ලංකාවෙන් සිසුන් 6ක්
- 2016-07-12 23:13:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
28 වැනි ආසියානු පැසිෆික් ළමා සමුළුව ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 40ක දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ලබන 23 දක්වා දක්වා ජපානයේ ෆුකෝකා නුවරදී පැවැත්වීමට නියමිතය.
ආසියානු පැසිෆික් කලාපයේ රටවල් අතර මිත‍්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ආසියානු පැසිෆික් ළමා සමුඵව 1989 වර්ෂයේ සිට වාර්ෂිකව ජපානයේ ෆුකෝකා නුවරදී පැවැත්වේ. 2015 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මත ඉහළම දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 06 දෙනෙකු සමුළුව නියෝජනය කරමින් සහභාගි වන අතර සිසු සිසුවියන්ට ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීම සහ සුබපැතීමේ හමුවක් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී විවිධ රටවල දරුවන් සමඟ අනෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගනිමින් විවිධ සංස්කෘතීන් හඳුනාගනිමින් විවිධ වැඩසටහන්වලට සහභාගිවීමටත්, පාසල් නිරීක්ෂණ චාරිකා, කි‍්‍රයාකාරම් කඳවුරු ආදියට සහභාගි වෙමින් අත්දැකීම් රාශියක් ලබා ගැනීමට මින් හැකිවනු ඇත. කණීෂ්ඨ තානාපති ලෙස 2010 වර්ෂයේ දී සමුඵවට සහභාගි වූ සඳරු මංසික හේරත් සම තානාපති ලෙසත්, ගම්/හිරිපිටිය ප‍්‍රාථමික විද්‍යාලය, වේයන්ගොඩ ආර්.ඒ.සී.පී.රණවක මහත්මිය භාරකාරිණිය ලෙසත් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments