ඇමෙරිකාවේ නවතම ආරක්ෂක ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ
- 2016-12-14 10:16:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාවික ආරක්ෂාව සඳහා දැනට ලෝකයේ පවතින දියුණුම ගුවන් යානයක් වෙන ඇමෙරිකා නාවික හමුදාවට අයත් පී.8ඒ. පැසිඩෝන් ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණි බව ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් සමග විශේෂඥ අදහස් හුවමාරු කර ගැනීමට සඳහා මෙම ගුවන් යානය ශ්‍රී ලකාවට පැමිණ තිබේ.
ඇමෙරිකානු ආරක්ෂක අංශයන්ට අනියුක්ත මුර සංචාර සෙබළුන් කණ්ඩායමක් වන රෙඩ් ලාන්සර්ස් නම් කණ්ඩායම ගුවන් යානය සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත. පසුගිය දෙසැම්බර් 04දා දිවයිනට පැමිණි යානය නැවතත් දෙසැම්බර් 11දා මත්තල ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබේ.
ජාත්‍යන්තර නාවික මාර්ග ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාව සමග ඇමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයන් අදහස් හුවමාරු කරගෙන තිබේ.
බහුකාර්ය ආරක්ෂක ගුවන් යානයක් වශයෙන් සැළකෙන පී.8ඒ. පැසිඩෝන් ගුවන් යානය නාවික ආරක්ෂාව, සෙවීම් හා බේරා ගැනීම්, මත්ද්‍රව්‍ය නාශක කටයුතු, මානුශීය මෙහෙයුම් වැනි විවිධ පරාසයන්හි සේවා සඳහා යොදාගනියි.
නිරෝෂා ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ් අඩවිය ඇසුරෙනි)
Reply To:
Name - Reply Comment
0 Comments