Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


Esala8මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු ඇතුළු සේවාවන් සදහා පොලීසියෙන් 2,900 ක පොලිස් බලඇණීයක් යොදවන බව මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන් මහේන්ද්‍ර මහතා පැවසීය.

එහිදී කලාප 14 ක් යටතේ එම කණ්ඩායම රාජකාරී සඳහා යොදවන බවත්, රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 548 ක් යොදවන බවත් ඔහු සඳහන් කළේය.

 මීට අමතරව මහනුවර වැව අවට ජීවිතාරක්ෂක නිලධාරීන් 30 ක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දළදා මාලිගාවේ උල්පැන්ගෙයි අසළ පොලිස් ප්‍රධාන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරන බවත් එය පැය විසි හතර පුරාම ක්‍රියාත්මක වෙමින් පෙරහැර සම්බන්ධ සම්බන්ධිකරණයන් සිදු කරන බවත් පැවසීය. පෙරහැර සමයේ වසා දැමීමට නියමිත සුරාසැල් නිසි පරිදි වසා දමන්නේදැයි සොයා බැලීම සදහා සුරාබදු නිලධාරීන්ට අමතරව පොලීසියේ විශේෂ කණ්ඩායම් තුනක් යෙදවීමටද කටයුතු යොදා ඇති බව පැවසූ ඔහු පෙරහැර ආරම්භ කිරීම සදහා තබන දෙවැනි වෙඩිල්ලෙන් පසු පෙරහැර ගමන් මාර්ගය වසා විකල්ප මාර්ගවල වාහන ධාවනය කරවීමට කටයුතු සැළසුම් කොට ඇති බවද පැවසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.