ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධන පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටියක්
- 2018-03-14 17:17:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේ පළමු ප්‍රධාන අවධිය වන 1 සහ 2 ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කථාකිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3ක් සම්පාදනය කොට තිබේ.
මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලය දොරට වැඩීම හෙට (15) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
දිවයිනේ ප්‍රාථමික ශ්‍රේණි සහිත සෑම පාසලක ම 2018 වසරේ සිට 1 සහ 02 ශ්‍රේණි සදහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි භාවිතයට අවස්ථාව සැලසීමට නියමිතයි.
ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ භාවිතයට ගැළපෙන ඉංග්‍රීසි ළමා ගීත පොත් 2ක්, ඉංග්‍රීසි කතාන්දර පොත් 10ක්, සංයුක්ත තැටි 3ක්, සහ ගුරුවරුන් සදහා වන ගුරු අත් පොතක් මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයට ඇතුළත් වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments