ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් ඉවත් කර නෑ
- 2017-12-18 16:56:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය විෂය ඉවත් කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ කරුණු අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉතිහාසය විෂය කප්පාදුවකට ලක්කිරීම හෝ ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති මොහොතක ජනතාවට සංවේදී කරුණු විකෘති කරමින් ඉදිරිපත් කිරීම නොකළ යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
විෂයමාලා සකස් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමක් වන අතර, ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපනඥයන්ගේ සක්‍රීය දායකත්වය ලබාගනිමින් පර්යේෂණාත්මක තොරතුරු පදනම් කරගෙන වසර අටකට වරක් විෂයමාලා නවීකරණය හෝ සංශෝධනය කරන බවත්, ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments