Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉදිරි වසරවලදී අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සංශෝධන හා ප්‍රතිසංවිධාන කටයුතු රැසක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අධ්‍යාපනයේ තිබෙන අර්බුදවලට විසඳුම් සොයමින් කඩිනමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව  පවසන වික්‍රමසිංහ මහතා දැනටමත් ඒ සඳහා සාකච්ඡා පවත්වන බවත් යෝජනා ලැබී ඇති බවත් කීවේය. මෙරට සියලු පාසල් ජාත්‍යන්තරයට යනු දැකීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් ගුරුවරුන් තෝරාගැනීමේ සිට සියලුම කටයුතු සඳහා නිසි දැක්මක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවද අග්‍රමාත්‍යවරයා පැවසීය. අධ්‍යාපනයේ තිබෙන අර්බුදවලට හේතුව මුදල් නොමැතිකම නොව සුදුසුකම්, අත්දැකීම්,  දැනුම, පළපුරුද්ද හා දක්ෂතාව ඇති පිරිස් තනතුරුවලට පත්නොවීම යැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(18) එම අදහස් පළ කළේය.

(Harshana Thushara -Lankadeepa )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.