Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ex_2333aමේ වසරේ උසස්පෙළ විභාගය සඳහා පෙනි සිටීමට අපෙක්ෂා කරන පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපියන් වෙතත් යොමුකළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පසුගිය 07 දා පාසල් වෙතත් 10  දා පෞද්ගලික ලිපිනයන් වෙතත් ප්‍රවේශ පත්‍ර යොමුකර තිබේ. පාසල් වෙත ලැබුණ ප්‍රවේශ පත්‍ර නොපමාව අයඳුම්කරුවන් වෙත බෙදා දෙන ලෙසත් විභග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට උපදෙස් දි ඇත.

නියමිත දිනට ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික විභාග අපෙක්ෂකයෙක් වේනම් ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයේ  පිටපතක්, විභාග ගාස්තු  ගෙවූ කුවිතාන්සියේ පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත් සහතික කළ ලිපියක හා අයඳුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවිතාන්සිය සමග විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත්කර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රවේශ පත්‍රයන්හි විෂය සංශෝධන, භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මගින්ද පෞද්ගිලික අයදුම්කරුවන් තමා විසින්ද එළැඹෙන 20 දාට පෙර පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමුකර සංශෝධන සිදුකර ගත හැකිය.

2017  උසස්පෙළ විභාගය අගෝස්තු මස 8 දා දින සැප්තැම්බර් මස 02 දා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 237943ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 77284ක් ඉදිරිපත්වීමට නියමිතය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2230ක් හා සම්බන්ධීකරණ මද්‍යස්ථාන 305ක් යටතේ විභාගය පැවැත්වෙන අතර කාර්ය මණ්ඩලය 28000කි.

විභාගය සම්බන්ධයෙන් විමසීම්

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 011-2784208/011-2784537/011-3188350/011-3140314

ෆැක්ස් - 011-2784422

ක්ෂණික ඇමතුම් - 1911

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.