Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ex_2333aඋසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න, තාක්ෂණික උපකරණ භාවිත කරමින් උපකාරක පංති ගුරුවරයකුට ලබාදීමට කටයුතු කළ බව කියන පාසල් සිසුවාට ජීවිතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදරා ඇති මෙම සිසුවා විභායට පිළිතුරු සැපයීමේදී වංචනික ක්‍රියා අනුගමනය කර ඇතැයි රහස් පොලීසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.   ඒ හේතුවෙන් සම්පූර්ණ විභාග තහනමක් ක්‍රියාත්මක කිරීමට විභාග කොමාසරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

එමෙන්ම විභාග වංචා වැළැක්වීමේ අරමුණින් දඬුවම් වැඩි කිරීමටත්, වංචනික ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් උපරිමයෙන් නියම කිරීමටත් විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අධිකරණ කටයුතු ගැනීමටද එකඟතාවයටකට පැමිණ ඇත.

තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් සිදුකරනු ලබන විභාග වංචා පිළිබඳ සොයා බැලීමට අටදෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කර ඇති අතර, ඒ සඳහා රහස් පොලීසිය සහ ආරක්ෂක අංශ නිලධාරීන්ද ඇතුළත් වේ. විභාංග වංචා සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ මෙම කමිටුව සාකච්ඡාකර අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 


 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.