Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසල්වලට ඇතුළත් වීමේදී සිසුන්ට සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ ක්‍රමවේදයන්  හා පාසල මගින් සිසුන්ගෙන් අයකරගන්නා මුදල් පිළිබඳ සවිස්තර වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය හා සිසුන්ගෙන් මුදල් අයකරගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම වාර්තාව නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

පාසල් මට්ටමින් අනුමත කරවාගත් පහසුකම් ගාස්තුවලට අමතරව පාසලේ සංවර්ධන කටයුතු සඳහා යම් මුදලක් අය කරගන්නේ නම් එය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හෝ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් අනුමත කරවාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ නොමැතිව පාසල් සිසුන්ගෙන් මුදල් එක් රැස් කිරීමට කිසිදු බලයක් පාසල් බලධාරීන්ට නොමැති බවත්, ඒ පිළිබඳ 1988 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.්‍

නිරෝෂා ප්‍රියදර්ශනී

2

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.