Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළැඹෙන වසරේ මාර්තු අප්‍රේල් මාස වන විට රටේ සියලුම උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

ඒ හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ දැනුම ලබාගැනීමට හැකි වන බවත් ඉදිරි වසර  3, 4  තළ රටේ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය වෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

කොළඹ ගාලුමුවදොර පිටියේ නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන වයිෆයි යන්ත්‍රයක් ස්ථාපිත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මේ සඳහා වැඩි වශයෙන් දායකවන්නේ රටේ තරුණ පරම්පරාවයි. ඔවුන්ගේ ජීවිත ලෝකයට එකතු වන්නේත්, ලෝකයේ දැනුම ලබාගන්නේත් මේ හරහායි.  ඔවුන්ට අවශ්‍ය එම මාර්ගය අප සකසා දිය යුතුයි. එය අප ඉදිරියේ ඇති විශාල අභියෝගයක්. මේ රට සංවර්ධනය කිරීමට නම් අප එකට එක්විය යුතුයි.” යැයි ඔහු සඳහන් කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.