උෟරාකැට ළිඳක් හමුවෙයි
- 2017-11-01 10:34:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පානීය ජලයෙහි කිවුල් සහගත ස්වභාවය බැහැර කරමින් එහි ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය තාක්ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ල - රඹුක්කන මාර්ගයේ බතමුරේ නවගමුව පුරාණ දේවාලය අසලින් හමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
වට අඩි 5කට ආසන්න ප්‍රමාණයකින් යුත් මෙය කැට 04 ක් පොළොවට බස්සවා ඒ මත කළුගල් කිහිපයක් තබා ළිඳෙහි මුහුණත අඩක් ආවරණය වන පරිදි ගල් පතුරකින් එය තුළට අපද්‍රව්‍ය එකතු වීම ද වළක්වා ඇත.
මෙවැනි ළිං ඌරාකැට ළිං ලෙස හඳුන්වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කිරීමෙන් ජලයේ ගුණාත්මක ප්‍රමිතිය හා සිසිලස ආරක්ෂා කර ගැනීමට මෙම ළිඳ භාවිත කර තිබේ.
නවගමුව පුරාණ දේවාලයට පැමිණි බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් මෙය භාවිත කර ඇති බවටද මතයක් පවතී.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments