Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

exam-depඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (02දා) සිට මෙම මස  27 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2204 කදී පැවැත්වේ.
මේ සඳහා අයදුම්කරුවන් 315605 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, මෙම පිරිසෙන් 240991 දෙනෙකු පාසල් අයදුම්කරුවෝ වෙති. 
විභාග රාජකාරිවල නිලධාරීන් 27,500 ක් යොදවා තිබෙන අතර, විභාග අකටයුතුකම් පිළබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායම් 300 කට අධික ප්‍රමාණයක් යොදවා තිබේ.
අද උදේ 8.30 ට විභාගය ආරම්භ වන අතර, විභාග ශාලාවට ස්මාට් අත්ඔරලෝසු, ජංගම දුරකථන විද්‍යුත් උපකරණ රැගෙන ඒම සපුරා තහනම් කර ඇත. 
මෙම ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන එන අපේක්ෂකයන්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ජාතික විභාගවලට පෙනී සිටීම වසර 05 කට අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
විභාග අකටයුතුකම් පිළිබඳව හා විභාග ශාලාවේ සිටින අයදුම්කරුවන්ට සිදුවන හිරිහැර පිළිබඳව දැනුම්දීම සඳහා දුරකථන අංක කිහිපයකුත් ස්ථාපිත කර ඇත. 
මේ අනුව 1911, 0112- 784208, 0112- 784537 දුරකථන ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවටත් 0112-421111, 119 දුරකථන අංක ඔස්සේ පොලිස් මූලස්ථානයටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.