ඌව විද්‍යාපීඨය ක්‍රීඩා ගුරුවරුන්ට වෙන්වෙයි
- 2016-12-17 14:05:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් පමණක් වෙන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ වනවිට ක්‍රීඩා මෙන්ම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් පුහුණු කිරීම ද ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු කෙරෙයි.
නමුත් ඉදිරියේ දී පාසල් පද්ධතියට අලුතින් බඳවාගන්නා ක්‍රීඩා උපදේශකවරුන් ද පුහුණු කිරීම ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් සිදුකිරීමට නියමිතය.
එසේම 2017 රජයේ අයවැය යෝජනා මගින් පාසල් දරුවන්ගේ ශාරීරික අධ්‍යාපනය ඉහළ නැංවීම ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම අරමුණු කරගෙන විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments