Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් උලෙළ හා ඊට සමගාමීව පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව ලබන වසරේ (2017)  මැයි මස 11, 12, 13 යන දිනයන්හී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.

සමාරම්භක දිනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා විශේෂ ආරාධිත ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, මෙහි දෙවැනි දිනය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන, බෞද්ධ ව්‍යාපාරික හා බෞද්ධ සන්නිවේදන වැඩමුළු පැවැත්වීම සඳහාත් එදින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේදී සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමටත් තීරණයකර තිබේ.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළේ පළමු දින රාත්‍රී 7.00ට ජාත්‍යන්තර වෙසක් කලාපය කොළඹ දියවන්නාව ආශ්‍රිත ප්‍රදේශයේ පැවැත්වීමට කමිටුව තීරණයකර ඇති අතර, එහි සමාප්ති උලෙළ දළදා මාලිගාවේ මහ මළුව අබියස පැවැත්වීමට තීරණයකර තිබේ.

අතිපූජ්‍ය අස්ගිරිය, මල්වතු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර වෙසක් දින උලෙළට සහභාගී වන 2000කට ආසන්න ලෝක බෞද්ධ නියෝජිතයන්ට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාවත් උදාකරමින් විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් ජාත්‍යන්තර කමිටුවේ අවධානය යොමු වී තිබේ. 

මහනුවර පැවැත්වෙන සමාප්ති දිනයේදී සමුළුවේ සමාප්ති ප්‍රකාශනය (Kandy Declaration) එළිදැක්වීමට නියමිත අතර, බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළින් සමාජ සාධාරණත්වය හා තිරසාර ලෝක සාමයක් යන්න අරමුණු කරගෙන මහ මළුව අබියස විශේෂ පහන් පූජාවක්ද පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව අවධාරණය කරයි.

රටවල් 90කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් ලෝක බෞද්ධ නායකයන්, බෞද්ධ සංවිධානවල නියෝජිතයන්, මහානායක හිමිවරුන්, බෞද්ධ කටයුතු පිළිබඳ රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු 2000කට ආසන්න පිරිසක් මෙවර සමුළුව නියෝජනය කරන අතර, එයින් 400කට ආසන්න පිරිසක් විශේෂ ආරාධිතයන් වනු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි.

1999 වසරේදී වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරන ලද යෝජනාවකට අනුව වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර තිබෙන අතර, සෑම වෙසක් පොහොය දිනයකදීම ජාත්‍යන්තරව වෙසක් දින සැමරුම් උලෙළක්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

Vesak-illuminations-colombo

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.