Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නාසා ආයතනයේ ඔපර්චුනිටි රෝවරය අඟහරු ග්‍රහයා මත ගොඩබස්සවා 15 වැනි සංවත්සරය පසුගිය ජනවාරි 24 වැනිදා යෙදී තිබුණි. අඟහරු ග්‍රහයා මත ගවේෂණ කටයුතු වෙනුවෙන් 204 වසරේදී එය මෙලෙස ඒ මත ගොඩැබැස්සවීම සිදුවිය. ගෙවුණු මේ වසර 15ක කාලසීමාව තුළ අඟහරු මත ඡායාරූප සහ තොරතුරු රැසක් පෘථිවියට එවීමට ඔපර්චුනිටි රෝවරයට හැකියාව ලැබුණි. මෙවැනි කාලයක් රෝවරය සක්‍රීයව පැවැතීම නාසා ආයතන බලාපොරොත්තු නොවූ අවස්ථාවක් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී අඟහරු මත ඇති වුණු දූවිලි කුණාටුවක් ඔපර්චුනිටි රෝවරයේ අනාගතය අවිනිශ්චිත විය. එම කුණාටුවෙන් අඟහරු අහස දූවිලිවලින් වැසීයාමත් ඔපර්චුනිටිහි බලශක්ති උත්පාදනය කෙරෙන සූර්යය පැනල ක්‍රියාත්මකවීම සඳහා අවශ්‍ය හිරු එළිය නොලැබීමත් යන කාරණා ඊට හේතු විය. එහෙත් පසුව අහස පැහැදිලි වීමෙන් එය යළිත් සක්‍රීය විය.

ඔපර්චුනිටි සම්බන්ධයෙන් අදහස් දක්වන නාසා ආයතනයේ මෙහෙයුම් කළමනාකරු ජෝන් කලාස්, මෙලෙස වසර 15ක් පුරා අඟහරු මත රැඳී සිටිම අති සුවිශේෂී යන්ත්‍රයකට හැර අන් කිසිවකටවත් සිදුකළ නොහැක්කක් බව පවසා සිටියි. එහිදී, මෙම මෙහෙයුම පිටුපස සිටි දක්ෂ කණ්ඩායමද මෙහි සාර්ථකත්වයට හේතුවූ බව ඔහු පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.