Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පෙරවරුවේ විවෘත කෙරිණි.

නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය සදහා භූමිය අත්පත් කරගැනීමේදී ඔරුගොඩවත්තේ පිහිටි මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය පිහිටි භූමියද අත්පත්කර ගැනිණි. ඒ අනුව ජපන් සහයෝගීතා ණය ආධාර යටතේ රුපියල් මිලියන 1540 ක මුදලක් වැයකරමින් ඔරුගොඩවත්තේ නව භූමියක ඉදිකෙරුණු මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අති නවීන තාක්ෂණ ශිල්පීය ක්‍රම අධ්‍යයනය කළහැකි අයුරින් නිමවා තිඛෙන අතර පරිපාලන සහ පුහුණු ඒකක වර්ග මීටර් 8,000 කින් යුක්ත වේ. 

වැඩ ඒකකවල තිබූ පුහුණු යන්ත්‍රසූත්‍ර හා උපකරණ හානියකින් තොරව ප්‍රතිස්ථාපනය, නවීන තාක්ෂණික ක්‍රම අධ්‍යයනය සදහා පුහුණු කිරීමේ යන්ත්‍ර 05 ක් අලුතෙන් එක්කිරීම, අලුතින් සිසුන් වැඩි පිරිසක් ඇතුළත් කරගැනීමේ හැකියාව පැවතීම සහ අනාගත අවශ්‍යතා අනුව තවත් ඉඩකඩ අවශ්‍යනම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් තට්ටු 05 සිට 10 දක්වා වැඩිකරගත හැකි පරිදි මූලික ඉදිකිරීම් නිමකර තිබීම විශේෂත්වයකි.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ඉපැරණි සිහිවටනයක් ලෙස 1985 වර්ෂයේදී මෙරටට ලැබුණු මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය මගින් මෙරටට ගෙන්වන ජපන් මෝටර්රථ අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පීන් බිහිකිරීම සදහා  අඛණ්ඩවම දායක වී තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

01 copy 03 copy 04 copy 05 copy 06 copy 08 copy 09 copy 11 copy 12 copy 13 copy 14 copy 15 copy 16 copy 17 copy 18 copy

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.