Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ගෙනා ඕසෝන් ස්තරයට හානි කර හයිඩ්‍රොක්ලෝරො-ෆ්ලෝරෝබකාබන් (Hydrochloroflurocarbons-HCFC) භාවිතයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මේ අනුව රසායනික ද්‍රව්‍යය යොදා ගනු ලබන ශීතකරණ හා වායුසමන අලුත්වැඩියා හා නඩත්තු සේවා ක්ෂේත්‍රය කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම පාලනය කරමින්, ඒවා මෙරටට ආනයනය ද සීමා කිරීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස පසුගිය වසරේ අගෝස්තු 16 වන දින  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ තාක්ෂණ කමිටුවේ ද නිර්දේශ අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඕසෝන් ස්තරය සුරැකීම සඳහා වූ වියානා සම්මුතියේ සහ මොන්ට්‍රියල් සන්ධානයේ එකඟතාවන්ට හා බැඳීම්වලට අනුකූලව හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝ කාබන් (Hydrochloroflurocarbons - HCFC) නමැති ඕසෝන් වියනට හානිකර රසායනික ද්‍රව්‍යය භාවිතය අවම කිරීමටත්, ඒ වෙනුවට ඕසෝන් හිතකාමී විකල්ප හඳුන්වා දීමටත් 1989 වසරේ සිට ශ්‍රී ලංකාව විසින් කටයුතු කරනු ලබයි.

ගෝලීය උණුසුම් විභවය (Global Warming Potential) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Depleting Potential) 0.03 ඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනිකය භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2018‑01‑01 දින සිට තහනම් වේ.

ශීතකරණ හා වායු සමීකරණ උපකරණ සේවා හා නඩත්තු කටයුතු සිදු කරනු ලබන කාර්මික ආයතන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී, ශීතකාරක එකතු කිරීමේ හා නැවත ප්‍රතිචක්‍රීයකරණය කරගැනීමේ උපකරණයක් (Refrigerant Recovery & Recycling Machine) තිබීම අනිවාර්ය බවට වූ කොන්දේසි 2019‑01‑01 දින සිට බලපැවැත්වේ‍. 

ශීතකරණ, අධිශීතකරණ, වායු සමන යන්ත්‍ර හා තාප පොම්ප ඒකක, ජල සිසිලන, අයිස් නිෂ්පාදන යන්ත්‍ර, වාහන අධිශීතකරණ හෝ බහාලුම් ඇතුළු මොන්ට්‍රියල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ (Used) හෝ අලුත්වැඩියා කළ (Reconditioned) උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.