කතානායක කරුට "උදාවන සූර්යයා" ජපන් ගෞරව සම්මානය
- 2016-11-07 23:07:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශිෂ්ටතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා ජපන් රජය විසින් පුදකරන උසස්ම සම්මානය වන උදාවන සූර්යයා ගෞරව සම්මානය කථානායක කරු ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය කර ඇති බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. 1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කරනුයේ සිය රටෙන් පිරිනමන උසස්ම සම්මාන පිරිනැමීම ලෙසිනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමෙහිලා ලබාදුන් දායකත්වය පිළිගැනීමට ලක් කිරීමද මෙහිදී සැලකිල්ලට ලක්ව ඇති අතර, ජපන් රජය විසින් එය නිල වශයෙන් නොවැම්බර් මස 03 වැනිදා නිවේදනය කළ බවද කථානායක මාධ්‍ය ඒකකය පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments