.
සියලු පහසුකම්වලින් සමන්විත, 6 ශ්‍රේණියෙන් ආරම්භ වන ත්‍රෛ භාෂා නව පාසලක් කදුරුවෙල නගරයේ ආරම්භ කිරීමට රජය තීරණය කොට ඇත. ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන පරිදි, බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම නව ආදර්ශ ජාතික පාසල ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදලින් රුපියල් මිලියන 900ක් ශ්‍රී ලංකා රජය විසින් ද ඉතිරි රුපියල් මිලියන 300ක අරමුදල් ප්‍රමාණය ඉන්දියානු ජනරජය විසින් ද දැරීමට එකඟ වී තිබේ. පාසලේ ඉදිකිරීම් කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරෙනු ඇත. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සියලු ම සිසු දරුවන්ට පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වීමට අවස්ථාව සලසා දීමට තරම් එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් රජය මෙම තීරණය ගෙන ඇත.