Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම් මූර්ගේ උත්සාහය තව තවත් සාර්ථක වෙමින් මේ වනවිට එම අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වී ඇතැයි වාර්තා වෙයි.

දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ ටොම් මූර් විසින් කොරෝනා වෛරසයට එරෙහි සටනේ නිරත එරට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් රැස් කිරීමේ කටයුත්තක් පසුගියදා මෙලෙස ආරම්භ කරන ලදි.

මේ අරමුදල් සම්පාදනය සඳහා කපිතාන් ටොම් මූර් බ්‍රෙඩ්ෆෝර්ඩ්ෂයර්හි පිහිටි සිය නිවසේ උද්‍යානයේ දිනපතා වට 10ක් (මීටර් 25ක්) ඇවිදීමේ නිරත වෙයි. එහිදී ඔහු සිය රෝද පුටුව ආධාරකරගනිමින් මෙම ඇවිදීමේ යෙදෙයි. 

ලබන අප්‍රේල් 30 වැනිදාට යෙදෙන සිය 100 වැනි උපන්දිනය වන විට වට 100ක් සම්පූර්ණ කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. මෙම අරමුදල් එකතු කිරිම සඳහා ඔහු වෙබ් පිටුවක් ආරම්භ කළ අතර, ඒ සඳහා මේ දක්වා තුන් ලක්ෂයක ආසන්න පිරිසක් ආධාර මුදල් ප්‍රදානය කර තිබේ.

මෙම අරමුදල් එකතු කිරීම යටතේ පෙරේදා දිනය වන විට ස්ටර්ලිං පවුම් මිලියන 4ක අරමුදලක් එකතු කිරීමට ඔහු සමත් වූ අතර, මාධ්‍ය හරහා තවදුරටත් ඔහුගේ ක්‍රියාව ප්‍රසිද්ධියට පත්වීමත් සමගම ඊයේ දිනය වනවිට එය මිලියන 17ක් දක්වා වර්ධනය වී තිබේ.

සිය අරමුදල හරහා පවුම් 1,000ක මුදලක් එකතු කරගැනීම ඔහුගේ මූලික අරමුණ වුවත්, එය පැය 24ක කාලයකදී සම්පූර්ණ වී මේ වනවිට එය පවුම් මිලියන ගණනක් දක්වා ඉහළ ගොස් තිබීම තමන්ගේ සිතට ධෛර්යයක් ගෙන ආ බව කපිතාන් ටොම් මූර් පසුගියදා පවසා සිටියේය. ඒ අනුව මේ ගමන නොනවත්වා යාමටත් තවත් වට 100ක් ගමන් කරමින් අරමුදලට තවත් මුදල් එකතු කිරීමත් සිය අපේක්ෂාව බව ඔහු පවසයි. 

විශේෂයෙන්ම තමන් පෙළෙමින් සිටින පිළිකා රෝගී තත්ත්වයට සහ තවත් අවස්ථාවකදී බිඳී ගිය සිය උකුළු ඇටය යළි සැකසීම වෙනුවෙන් ප්‍රතිකාර කළ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය කරන සියලු දෙනා උදෙසා තමන් මෙම අරමුදල පිහිටවූ බවත් කපිතාන් ටොම් මූර් පවසයි.

ඒ අනුව මෙම අරමුදලේ සෑම සතයක්ම කොරෝනා වෛරසයට එරෙහිව ඉතාමත් උත්කෘෂ්ට සේවාවක නිරත වෙමින් සිටින බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාවේ සියලුම කාර්ය මණ්ඩලය වෙත හිමිවිය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.