කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය හෙට
- 2016-12-23 09:30:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 32 වන වරට සංවිධානය කරනු ලබන 2016 කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 23දා පෙරවරු 10.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලාංකේය සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්ට නව නිර්මාණ බිහිකරමින් සුවිශේෂ මෙහෙවරක් ඉටුකර වයස අවු.60 ඉක්ම වූ , දැනට ජීවිතයේ සැඳෑ සමය පසුකරමින් සිටින සිංහල, දමිළ හා මුස්ලිම් කලා ශිල්පීන්ට උපහාර දක්වනු පිණිස මෙවර සිංහල, දෙමළ හා මුස්ලිම් කලාකරුවන් 351 දෙනෙක් සඳහා කලාභූෂණ සම්මාන පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ලංකාවේ සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල කලාශීල්පීන් 256 දෙනෙක් ද, දමිළ කලාශිල්පීන් 70 දෙනෙක් හා මුස්ලිම් කලාශිල්පීන් 25 දෙනෙක් කලාභූෂණ සම්මාන සඳහා තෝරාගෙන ඇති අතර සිංහල කලාකරුවන් අතරින් නර්තන අංශයෙන් කලාශිල්පීන් 29 ක් ද, නාට්‍ය හා රංගන අංශයෙන් කලාශිල්පීන් 41 දෙනෙක් ද, සාහිත්‍ය අංශයෙන් කලාශිල්පීන් 122 දෙනෙක් ද, චිත්‍ර හා මූර්ති අංශයෙන් කලාශිල්පීන් 31 දෙනෙක් ද, සංගීත ශිල්පීන් 22 දෙනෙක් හා අනිකුත් කලා ක්ෂේත්‍රවලින් කලාශිල්පීන් 11 දෙදෙනෙක් ද තෝරාගෙන ඇත.
මෙවර වයස අවු. 80 ඉක්ම වූ කලාකරුවන් 16 දෙනෙකු කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබන අතර වැඩිම ප්‍රමාණය වන කොළඹ දිස්ත්‍රික්කයෙන් සිංහල කලාකරුවන් 44 දෙනෙක් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් දමිළ කලාකරුවන් 31 දෙදෙනෙක් ද, තෝරාගෙන ඇති අතර අනිකුත් සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කලාකරුවන් තෝරාගෙන ඇත.
කලාභූෂණ සම්මානලාභීන්ට සම්මානයක්, සහතික පතක් හා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර කලාභූෂණ සම්මානලාභීන් තෝරාගැනීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු කටයුතු දෙපාර්තමේන්තුව හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් සිදුකර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments