කසළ කළමනාකරණය පාසලින් පටන් ගනියි
- 2017-05-03 14:44:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කැළි කසළ ගැටලුවට පිළියම් යෙදීම සඳහා පාසල් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.
කැළි කසළ ගැටලුව සඳහා තිරසාර විසඳුම් ලබාදීමට අවශ්‍ය මගපෙන්වීම පාසල් දරුවන් හරහා සමාජගත කරමින් කසළ කළමනාකරණය සඳහා පාසල් ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන් ඒ සඳහා ප්‍රායෝගිකව සම්බන්ධ කරගැනීම මෙයින් බලාපොරොත්තුවෙයි.
පාසල් දරුවන් ලක්ෂ හතළිස් පහක් සහ ගුරුවරුන් දෙලක්ෂ තිස් දහසක් පාසල් ප්‍රජාවට සෘජුවම සම්බන්ධ හෙයින් කසළ කළමනාකරණය පිළිබඳ පණිවුඩය සමාජගත කිරීම සඳහා පාසල හා පාසල් ප්‍රජාව සම්බන්ධ කරගැනීම වඩාත් ප්‍රායෝගික වැඩසටහනක් වනු ඇති බව අමාත්‍යවරයාගේ අවධානයයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, ඒ හරහා කසළ කළමනාකරණ වැඩසටහන් ප්‍රායෝගිකව දරුවන්ගේ සහභාගිත්වයද ලබාගනිමින් පාසල් පරිශ්‍ර තුළ ක්‍රියාත්මක කිරීමට ඔවුන් යොමු කරවන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මීට අමතරව පාසල් දරුවන් හරහා ගෘහස්ථ කසළ කළමනාකරණය පිළිබඳ විධිමත් දැනුම මවුපියන් සහ වැඩිහිටියන් අතරට ගෙනයාමටද සැලසුම් සකස් කරන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම දිවයිනේ සියලුම පාසල් සඳහා කසළකළමනාකරණයට අදාළ කසළ බඳුන් සහ කොම්පෝස්ට් බඳුන් ලබාදීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments