කහ ඉර සුදු වේ
- 2016-11-21 13:24:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙසැම්බර් 3 වැනිදා සිට මෙරට මාර්ගවල ඇති කහ ඉරි සියල්ල සුදු පැහැ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර තිබේ. පාර මාරු වීමේ දී භාවිතෙ කරන කහ ඉරි ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීම සඳහා එම ක්‍රියාමාර්ගය ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කරයි. ‘මෙය වාසිදායක තත්ත්වයක්. සුදු ඉරි හොඳින් දර්ශනය වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී‘ ඔහු කියයි. ලංකාවේ සෑම පළාතකම මෙම වැඩසටහන උත්සවශ්‍රීයෙන් සිදුකරන බවත් බස්නාහිර පළාතේ වැඩසටහන දෙසැම්බර් 3 වැනිදා ග්‍රීන්පාත් අසලදී සිදුකැරෙන බවත් කියති. මෙම ව්‍යාපෘතිය යටතේ වසරකින් සියලු කහ ඉරි සුදු ඉරි බවට පත්කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments