Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වර්තමානයේ විභාග කේන්ද්‍රීය මානසිකත්වය මත දෙමාපියන් දරුවන් හා ගුරුවරුන් ක්‍රියා කිරීම නිසා දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ඉදිරියේදී එම තත්වයන් වෙනස් කිරීමට වහාම කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) සවස කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවති සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ක්‍රීඩාවක නිරතවීම මගින් සමබර පෞරුෂයක් පාසල් දරුවන් තුළ ඇතිවන බවත් ජය පරාජය උපේක්ෂා සහගතව විඳ දරා දරාගැනීමට මෙන් ම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමට ද දරුවන් හුරුවන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ඒකකය මගින් සංවිධානය කර පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ මූලික තරග පසුගිය වර්ෂයේ දී පැවැත්වීය.

2016 වර්ෂයේ දී 3 ශ්‍රේණියේ දරුවන් සඳහා පැවැත්වූ එම ක්‍රීඩා ඉසව් වල අවසන් තරග මාර්තු මස 25 දින මීගමුව මාරිස්ටෙලා විදුහලේ දී පැවැත්වීමට නියමිතය.

2016 වර්ෂයේ දී 4 ශ්‍රේණියේ දරුවන් සඳහා පැවැත්වූ ක්‍රීඩා ඉසව් වල අවසන් තරග මාර්තු මස 30 දින රත්නපුර සීවලී විදුහලේ දී පැවැත්වීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (3) copy copyunnamed (4) copy copy

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.