Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ක්‍රීඩා පාසල් පිහිටුවීමට අදාළව 1989 වසරේදී නිකුත් කළ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දී ඇත.

මීට අමතරව සක්‍රීයව පවතින ක්‍රීඩා පාසල් 18 ක කායවර්ධන ක්‍රීඩාගාර සකස්කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත්, එම ක්‍රීඩාගාර  සඳහා රුපියල් ලක්ෂ 25 ක් වටිනා කායවර්ධන උපකරණ කට්ටලය බැගින් ලබාදීමටත් අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබේ.

එසේම සියලුම ක්‍රීඩා පාසල්වල වොලිබෝල්, නෙට්බෝල් හා බාස්කට් බෝල් ක්‍රීඩා පිටි ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ක්‍රීඩා පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වෙත ලබා දෙන ශිෂ්‍යාධාර දීමනාව, අමතර පන්ති දීමනාව, ක්‍රීඩා උපදේශකවරුන් වෙත ලබා දෙන දීමනා සහ ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන දීමනාවන් ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද පත් කර තිබේ.

ක්‍රීඩා පාසල්වලට නවක සිසුන්  බඳවාගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවීමට මෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රීඩා පාසල්වලට නවක සිසුන් බඳවාගැනීමේ ක්‍රියාවලිය විධිමත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද මෙම කමිටුවේ නිර්දේශ අනුව සිදුකිරීමට තීරණය කර ඇත.කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකු සහ ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

1800376_453785678056127_1195611073_n[1]

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.