කාලගුණය පිළිබඳ "රතු නිවේදනයක්"
- 2017-11-30 05:23:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින කාලගුණය තත්ත්වය හමුවේ දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආශ්‍රිත මුහුද ඉතා රළු විය හැකි බැවින් මුහුදු යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂාපතනය මිලිමීටර 100 ඉක්මවා යා හැකි බව වාර්තාවේ. අධික වර්ෂාවත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන අතර මේ වන විට කොත්මලේ ජලාශ්‍රයේ වාන් දොරටුවක් ද විවෘත කර තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් "රතු නිවේදනයක්" නිකුත් කර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කඳුකරයේ හා ගංගා දෙපස වෙසෙන ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බව අවධාරණය කරයි.
"කදුකරයේ ජනතාව, යම් නායයාම් ලක්ෂණයක් දුටු වහාම ඉවත් විය යුතුයි" යැයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. ගංගාවල ජල මට්ටම පිළිබඳ සැලකිලිමත්වන ලෙස ද ඉවුරු දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස ද අපදා කළමණාකරණ නිලධාරින් දන්වා සිටී.
හදිසි අවශ්‍යතා සඳහා ආපදා කළමනාකරණ ඒකක, පොලිසිය, හමුදා ඒකක විශේෂ සහන කණ්ඩායම් රජය විසින් දැනුවත් කර තිබේ. ඔහිය හා ඉදල්ගස්හින්න අතර පස් කඳු කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කර තිබේ.
මේ අතර මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. අදාළ ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකීම යෝග්‍ය වන බව අපදා කළමණාකරණ ඒකකය දන්වා සිටි.
Reply To:
Name - Reply Comment
0 Comments