.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත හා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක් වෙත මේ වන විට නාය යෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට දිනය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)