කැටපත් පවුරේ සංරක්ෂණය අරඹයි
- 2018-02-06 16:02:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිර යෑමේ අවදානමක් මතුව ඇතැයි අනාවරණය වීමත් සමග සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයන් සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු ඊයේ (05දා) දිනයේ ආරම්භ කර ඇත.
දිලීර වර්ධනය මෙන්ම උෂ්ණත්වය නිරීක්ෂණය සහ ගණනය කළ හැකි අධිතාක්ෂණික කැමරාද යොදා ගනිමින් මෙම සංරක්ෂණ කටයතු සිදුකරයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසා සිටියේ, මෙය සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස සමග සිදුවන ස්වාභාවික සංසිද්ධියක් බවත්, රසායනික ප්‍රතිකාර හරහා නැවත යථාතත්වයට පත්කළ හැකිවනු ඇති බවත්ය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments