කැලණියෙන් කොරියා භාෂාව නොමිලයේ
- 2016-06-28 00:13:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරියන් භාෂා තරග විභාගයට අදාළව විධිමත් ක්‍රමවේදයක් යටතේ නොමිලයේ කොරියන් භාෂාව අන්තර්ජාලය හරහා ඉගෙනගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලය පහසුකම් සලසා ඇතැයි එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා පැවසීය. කැලණිය විශ්වවිද්‍යාලයේ www.kln.ac.lk වෙබ් අඩවියේ සේවා මෙනුව (services) වෙත පිවිසීමෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට හා එම ප්‍රශ්න පත්‍රවලට අන්තර්ජාලය තුළම පිළිතුරු සපයා ඒවායේ නිවැරදිභාවය පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා කියා සිටියේය. පාඨමාලාවේ විෂය නිර්දේශයට අදාළ සියලු පාඩම් මාලා මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බව කී රාජපක්ෂ මහතා පාඨමාලාවට අදාළ දේශනවල වීඩියෝ නැරඹීමේ හැකියාව තිබෙන බවත්,විමසීම් සදහා 0112903539/01122903196 යන අංක අමතන ලෙසත් පවසා සිටියේය.ada.lk
Reply To:
Name - Reply Comment
0 Comments