Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

21151671_10155783901934060_5250294662214293882_n

ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1000ක ආයෝජනයෙන් කුරුණෑගල,  මගුරුඔයවත්තේ නව ජාතික පාසලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා අතින් මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණි.

නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත  පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා පවතින ගැටලුවට විසඳුමක් ලෙස මෙම වැඩසටහන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව හඳුන්වා දී තිබේ.

ඒ අනුව,  දිවයින පුරා පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින්  පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද මැතිවරණ පොරොන්දුව අනුව පියවර ගෙන තිබේ.

කුරුණෑගල නගර සීමාවෙන් බැහැරව ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් සුදුසු ග්‍රාමීය පරිසරයක මෙම පාසල ඉදිකෙරෙන අතර, අංග සම්පූර්ණ පන්ති කාමර, සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්තිකාමර(Smart Class Room) , ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම් මෙම ජාතික පාසලට ඇතුළත් වේ.

කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදිකෙරෙන මෙම ජාතික පාසල සඳහා යෝජිත මුලු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1000ක් පමණ වන අතර, 2017-2020 කාල සීමාව තුළ වැඩ අවසන් කිරීමට නියමිතයි. 1 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ජාතික පාසල ප්‍රදේශවාසී දරුවන් දහස්ගණනකට ප්‍රතිලාභ ලබාගත හැකි, අනාගත වැඩ ලෝකයට ගැළපෙන ක්‍රියාශීලී මානව සම්පත් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළෙහි අපේක්ෂාවයි.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

21271018_10155793388329060_6510915321320072556_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.