Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම, ගෝලීය ප්‍රවණතා” (‘Countering Violent Extremism, Global Trends’) මැයෙන් මෙවර හත්වැනි වරටත් සංවිධානය වන “කොළඹ ආරක්‍ෂක සමුළුව - 2017” (7th ‘Colombo Defence Seminar - 2017) අද ( 28) සහ හෙට (29) දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 

ඒ අනුව මෙවර සමුළුව ආරක්‍ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන විදෙස් නියෝජිතයින් 200 ක් ඇතුළු නියෝජිතයින් 800 දෙනෙකු සහභාග වීමට නියමිත අතර ඒ සඳහා මෙවර සැම්බියාවේ යුද හමුදාපතිවරයාට සහ සාක් රටවල හමුදා ප්‍රධානීන්ට ද ආරාධනා කර ඇත. එමෙන්ම ක්ෂේත්‍රයට අදාළ විදේශීය විද්වතුන් 15 ක් සහ දේශීය විද්වතුන් 12 ක් සමුළුව ඇමතීමට නියමිතව ඇත.

දෙදින සමුළුව තුළ සැසිවාර ගණනාවක් ඔස්සේ “අන්තවාදි ප්‍රචණ්ඩත්වය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට අයිඑස්අයිඑස් සංවිධානයේ උපත”, “ගෝලීය ප්‍රචණ්ඩ අන්තවාදය”, “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම”, “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ආරක්‍ෂක හමුදාවන්හි කාර්යභාරය”, “අභියෝග සහ ගැටලු - පෙරදිග සහ අපරදිග ජාතීන්ගේ දැක්ම”, “කලාපීය සංවිධානවල කාර්ය භාරයයන්” “ලෝක පාලනයේ බලපෑම්”, “නෛතික බලපෑම්”, “බුද්ධි හා සයිබර් අභියෝගතා සහ උපාය මාර්ග”, “ආරක්‍ෂක හමුදාවන්හි කාර්ය හා හමුදා සිවිල් සබඳතා”, “එක්සත් ජාතින්ගේ උපක්‍රම”, “අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ උපායමාර්ගික අධ්‍යයනය”, “රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ අන්තවාදි ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම”, “ලෝක පාලනයේ දී යුද්ධ හමුදා කාර්යභාරය”, “ප්‍රති අන්ත්‍රවාදි ප්‍රචණ්ඩත්වයේ දී ප්‍රජාව සවිබලගැන්වීම” යන මාතෘකා උපතේමාවන් යටතේ සාකච්ඡා කිරීමට නියමිතය.

තවද ගෝලීය ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව පුළුල් කතිකාවතක් ගෝලීය සහ කලාපිය රාජ්‍යවල විද්වතුන් රැසකගේ අවධානයට යොමුකිරීමට මෙන්ම වත්මන් ලෝකයේ අන්තවාදය තුළින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා භාවිතා කළ හැකි සාමුහික යාන්ත්‍රණයක් හා ජාතීන් අතර ඇති වන අරගලවලට මූලිකවන හේතු පිළිබඳව විද්වත් අදහස් හුවමාරුවක් ඇතිකිරීම ද මෙම කොළඹ ආරක්‍ෂක සමුළුව - 2017’ සංවිධානය කිරීමේ අරමුණු අතර වේ.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

යාවත්කාලීන  3.00PM

"ප්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම-ගෝලීය ප්‍රවණතා" තේමාව කරගනිමින් කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. 

ඉන්දියාව කේන්ද්‍ර කොටගත් විවිධ රටවල ආරක්ෂක දූත නිලධාරීන්, කොළඹ රාජකාරි වල නියුතු ආරක්ෂක දූත නිලධාරීන් ඇතුඑ ලෝකයේ විවිධ රටවල විදේශීය හමුදා නියෝජිතයින් සහ රාජ්‍යයන් 35ක් නියෝජනය කරමින් මෙම සමුඑව පැවැත්වේ.

මෙම සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ඇමරිකා එක්සත් ජනපදයේ විශ්‍රාමික අද්මිරාල් විලියම් ජේ. ෆැලෝන්, ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාමික ජෙනරල් අශෝක් මේතා මහතා ඇතුළු දෙස් විදෙස් හමුදා නියෝජිතයන් ද සහභාගී වූහ.

Defence conf (1) Defence conf (2) Defence conf (3) Defence conf (4) Defence conf (5) Defence conf (6) Defence conf (7) Defence conf (8) Defence conf (9) Defence conf (10) Defence conf (11)

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.