කොළඹ පාසල් 48කින් ඩෙංගු කීටයන් හමුවෙයි
- 2016-11-17 13:47:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ පාසල් 120ක් පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරු කීටයන් හමුවූ පාසල් 48ක් තිබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් පසුගියදා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
මෙහිදී කළ පරීක්ෂාවලදී රාජ්‍ය ආයතනය 134කින් ආයතනය 48ක, ඉදිකිරිම් කළාප 156කින් කලාප 53ක, කර්මාන්ත ශාලා පරිශ්‍ර 133කින් පරිශ්‍ර 38ක ඩෙංගු කීටයන් හමුවූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයේ වෙයි.
සමස්ත බස්නාහිර පළාතේ පරිශ්‍ර 12,056ක් පරීක්ෂා කර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 506ක් සොයාගෙන ඇති අතර, එහිදී පරිශ්‍ර 1,565ක් නිවැරදි කිරීමටත්, 316කට නඩු පැවැරීමටත්, 867කට නොතීසි නිකුත් කිරීමටත් කටයුතු කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments