Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

a0ae979ffcf766590163105c4d298a31_Lමෙරට කෞතුකාගාර වල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ. ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නගා තිබෙන බවත් තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සඳහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් ඉදිරියේ දී මෙම පහසුකම අත්විඳ ගැනීමට ඉඩ සැළසෙන බව  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව කෞතුක වස්තුවක් නැරඹීමේදී අදාළ කෞතුක වස්තුව පිළිබඳව තොරතුරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සවන්දීමට මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ලිඛිත තොරතුරු පරිශ්‍රිලනය කිරීමට ද හැකිවේ. තවද ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් තාක්‍ෂණය සහිත  ජායාරූප ද එක්කර තිබේ.

මෙමගින් විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ‍කෞතුක වස්තූන් නරඹන්නන්ට  වැඩි දැනුවත් වීමක් සහිතව ඒවා නැරඹීමටත් කෞතුක වස්තූන් පිලිඹදව තොරතුරු හදාරන්නන්ට සහ ගවේෂණය කරන්නන්ට මෙය ඉතා වැදගත් වන බව නියෝජිතායතනය පවසයි. මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය සහ  දඹාන යන කෞතුකාගාර නරඹන්නන්ට මේ වන විට මෙම පහසුකම බුක්ති විදීමට හැකිවේ. කොළඹ ජාතික කෞතුකාගාරය මෙන්ම  ජාතික ස්භාවික විද්‍යා කෞතුකාගාරය සඳහා ද මෙම පහසුකම ලබන වසර මුල වන විට හඳුන්වා දීමට නියමිතය. මෙම ඇන්රොයිඩ් යෙදවුම (Android application) ගූගල් ප්ලේස්ටෝ හි (Google playstore) ශ්‍රී ලංකා මියුසියම් යන්න පිරික්සීමෙන් නොමිලේ භාගත (Download) කර ගත හැක.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.