Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් අධ්‍යාපනය තුළ ගණිතය, විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු යන විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  අධ්‍යාපන අමාත්‍යාංශයේ දි පැවති 2017 සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරගාවලිය සහ ජාතික ඔලිම්පියාඩ් තරගාවලියෙහි පදක්කම් හා සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. මෙම විෂය පථයන්ට අදාළ රැකියා සඳහා වර්තමානය වන විට ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉහළ ඉල්ලුමක් පවතින බවත් එම විෂයන් සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ වෙන් වී ඇති ඉඩහසර අවම බවත් මෙරට අධ්‍යාපන ක්‍රමය ඉදිරියට යන්නේ එම විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීමෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී ප්‍රකාශ කළේය. ගණිත විෂයමාලාව, පිළිගත් අන්තර් ජාතික මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම, ගණිත අධ්‍යාපනයේ සංවර්ධනය සඳහා අන්තර්ජාතික සහයෝගීතා ජාලයක් ගොඩනැගීම සහ  ගණිත විෂය දැනුම සම්බන්ධව ගුරු සිසු දෙපිරිසගේම දක්ෂතා වර්ධනය කිරීම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව විසින් මෙම සමස්ත ලංකා ගණිත දැනුම මිනුම සහ ජාතික ඔලිම්පියාඩ් යන තරගාවලි සංවිධාන කරනු ලබයි. එම තරගවලදී දක්ෂතා දැක්වූ දිවයිනේ පාසල් රැසක සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙම උත්සවයේ දි සහතිකපත් සහ පදක්කම් ප්‍රදානය කෙරුණි.

(රජයේ නිල පුවත්)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.