Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නවතම තොරතුරු ඇතුළත්කොට ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය යාවත්කාලීන කිරීමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ‍. ශ්‍රී ලංකාවේ ගම්, නගර සහ මාර්ග රැසක් අලුතින් ඉදි වී තිබෙන අතර ඒවා රජය විසින් ගැසට් මගින් ද ප්‍රකාශයට පත්කොට තිබීම නිසා මෙසේ යාවත්කාලීන කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.  ඒවායේ ස්ථානීය නාම හා භූගෝලීය නාමයන් පිළිබඳව ද සැලකිලිමත් වෙමින් නව ග්‍රාම නාමාවලිය සකස් කෙරෙන බව රජයේ මිණුම්පති ජනරාල් පී.එම්,පී උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත.

මෙම කාර්යයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ආගමික නායකයින් හා විදුහල්පතිවරුන් ආදීන් සමග ද සාකච්ඡා කොට තොරතුරු ලබාගෙන තිබේ.  මුලින් එම තොරතුරු ඇතුළත් කොට ඩිජිටල් සිතියමක් සකස් කෙරෙන අතර ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට දෙපාර්තමේන්තුව අදහස් කරගෙන සිටී.

නව ග්‍රාම නාමාවලියේ ඇතුළත් වන ගම්වල නම් දෙපාර්තමේන්තුව මගින් සකස් කෙරෙන සෙසු සිතියම් සඳහා ද යොදාගනු ඇත.  අවසන් සිතියම සකස්කොට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුලත් කරන අතර පසුව එය මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.