ගැහැණු දරුවන් වැඩි කාලයක් ගෙදර වැඩට
- 2016-10-09 08:19:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගැහැණු දරුවන් වැටුප් නොලබා ගෙදර දොරේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන බව එක්සත් ජාතීන්ට අයත් යුන්සෙෆ් සංවිධානය වාර්තාවකට අනුව මගින් අනාවරණය කරයි. වයස 5 සිට 14 දක්වා වූ ගැහැණු දරුවන් පිරිමි දරුවන්ට වඩා 40% ක් වැඩියෙන් මෙසේ ගෙදෙර දොරේ වැඩකටයුතු වෙනුවෙන් කාලය වැය කරන බව ඔවුන් පෙන්වා දෙති.
වාර්තාවට අනුව එම ගැහැණු දරුවන් දිනකට මිනිත්තු 160ක් මෙසේ වැඩිපුර ගෙදර දොරේ කටයුතු වෙනුවෙන් සිය කාලය වැය කරන්නේ කිසිදු වැටුපක් ද අය කිරීමකින් තොරවය. ලොව පුරා ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් අයෙක් නිවසේ කෑම පිසීම හෝ පිරිසුදු කිරීම සිදුකරන බවත්, අඩකට වැඩි පිරිසක් ජලය රැගෙන ඒම හෝ දර කැඩීමට යන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වයි.
එමෙන්ම, කුඩා දරුවන් හෝ වැඩිහිටියන් රැකබලා ගැනීම වැනි කටයුතුවලද ඔවුන් යෙදෙන බවත්, එම වාර්තාවේ දැක්වෙයි. එමෙන්ම, ජලය හෝ දර කැඩීමට නිවසින් බැහැරට යෑම හේතුවෙන් එම දරුවන් ලිංගික අතවරයන්ට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද එහි දක්වා ඇත.
ඔක්තෝබර් 11 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනයට සමගාමීව නිකුත් වූ මෙම වාර්තාවේ ළමා විවාහ, ගැහැණු දරුවන්ගේ ලිංග ඡේදනය ආදී කරුණුද ඇතුළත් වන බවත් කියැවෙයි.(අද පුවත්පත)
Reply To:
Name - Reply Comment
0 Comments