Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විවිධ අවස්ථාවන්හිදී පාසැල් ගුරුවරුන් සඳහා තෑගි ලබාදීමට මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම,එලෙස තෑගි භෝග ලබා ගැනීම සහ ඒ සඳහා බලපෑම් කිරීම වළකාලමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙවැනි තත්වයන් හරහා නිදහස් අධ්‍යාපනයේ අයිතියට බලපෑම් එල්ල වී ඇති බවත්,ඇතැම් විට දරුවන් පාසල තුළදී මානසික පීඩනයන්ට ලක් වීම සඳහා මෙවැනි කටයුතු හේතු වී ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා, මාපියන්ගෙන් ලැබුණු සංවේදී ඉල්ලීම් රැසක් සළකා බැලීමෙන් අනතුරුව තමා මෙම තීරණයට එළඹි බවත් පැවැසුවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළකළේ "ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ කුලියාපිටිය නක්කාවත්ත මහින්ද ජාතික පාසල සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබීමේ සහ නවීකරණය කොට ඉදිකරන ලද පුස්තකාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි.

16

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.