ගුරුවරු 3766 කට ස්ථානමාරු

2025 මැයි මස 21 පෙ.ව. 07:31 - {{hitsCtrl.values.hits}}  

එකම පාසලේ වසර 10කට වඩා වැඩි සේවා කාලයක් සම්පුර්ණ කළ දිවයින පුරා ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් 3766 දෙනෙකුගේ ස්ථානමාරු කිරීමට අදාල ලිපි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබේ. මීට පෙරද අවස්ථා දෙකකදී, වසර 10 ඉක්මවු සේවාකාලයක් සම්පුර්ණ කළ  ගුරුවරුන් කණ්ඩායම් දෙකක් ස්ථානමාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
 ආසන්න පාසලක් නොමැතිව ඉතා වැඩි දුරකට මාරුකළ යුතු අවස්ථාවලදී හා අනුප්‍රාප්තිකයකු ලබා දිය නොහැකි අවස්ථාවල දී වසර 10ක සේවාකාලයක් සම්පුර්ණ වී තිබුණ ද එම ගුරුවරුන්ට ස්ථානමාරුවීම් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...