Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස අවු. 58 -59 ත් අතර විශ්‍රාම වයසට ආසන්න වයසේ පසුවන ගුරුවරුන්ට ජාතික පාසල් ගුරු මාරු වැඩසටහන යටතේ සහනයක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මෙම මස අවසානයේදී සිදුකිරීමට නියමිත එකම ජාතික පාසලක වසර 10කට වඩා  වැඩි කාලයක් සේවය කළ 6 – 11 ශ්‍රේණිවල ගුරුවරුන්ගේ ස්ථාන මාරු වැඩසටහනේදී විශ්‍රාම යාමට ආසන්න ගුරුවරුන්ට ඔවුන්ගේ කැමැත්ත මත ඔවුන් සේවය කරන පාසලේම විශ්‍රාම යන තෙක් රාජකාරි කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

මාර්තු මස අවසන් සතියේ දී 6 – 11 ශ්‍රේණිවල ගුරුවරුන් 5500කට ආසන්න පිරිසකට අදාළ ගුරුමාරු ලබාදීමට නියමිත අතර, ඒ සඳහා වන රාජකාරි ලිපි ජාතික පාසල් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් අතට පත්කිරීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.