චීනය දින 10කින් දෙවැනි රෝහලත් විවෘත කරයි
- 2020-02-09 11:52:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වුහාන් (ෂින්හුවා) - නව කොරෝනා වෛරසය හේතුවෙන් නිව්මෝනියාව වැළදෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දින 10කින් චීනය ඉදිකළ දෙවැනි රෝහලද මේ වන විට රෝගීන් භාර ගැනීම ආරම්භ කර තිබේ.
වූහාන් නගරයේ ඉදිකළ ලයිෂෙන්ෂාන් රෝහල වෙත පළමු රෝගී කණ්ඩායම සෙනසුරාදා දිනයේදී ඇතුළත් කර තිබේ.
2003 දී චීනයේදී හටගත් සාර්ස් වෛරසයට මුහුණ දීම සඳහා බීජින් නුවර ඉදිකළ SARS ප්‍රතිකාර ආකෘතිය ප්‍රතිනිර්මාණය කරමින් මෙම තාවකාලික රෝහල නිර්මාණය කර තිබේ.
මෙම රෝහල ඇඳන් 1600කින් සමන්විත වෙයි. චීනය මීට පෙර මෙවැනිම ආකාරයෙන් ඇඳන් 1000කින් සමන්විත රෝහලක් වූහාන් නගරයේදී දින 10කින් ඉදි කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments