Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බීජිං, (ෂින්හුවා) - නව කොරෝන වෛරසයට එරෙහිව චීනය ගෙන යන සටනට සමගාමීව මේ වසරේදී එරට වනජීවීන් ආරක්ෂා කිරිම පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබේ.

එසේම සත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බවද ජාතික මහජන කොංග්‍රසයේ (එන්පීසී), ස්ථාවර කමිටුවේ, ව්‍යවස්ථාදායක කටයුතු කොමිෂන් සභාවේ නිලධාරියෙකු වන වැන්ග් රුයිහේ බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි මහජන සෞඛ්‍ය ආරක්ෂණ අවධානමක් පිළිබඳව ලොව පුරා අවධානයට ලක්ව ඇති බවත් ඒ අනුව වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි වැඩිදියුණු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම දැඩි කිරීමේ අවශ්‍යතාවක් පැනනැගී ඇති බවද වැන්ග් පැවැසීය.

නව කොරෝනා වෛරසයද වන ජීවීන් හා සම්බන්ධ වෛරසයක් බවට චීනය මේ වන විට සැක පළකරයි.

වනජීවී වෙළඳ වෙලඳපොලවල් තහනම් කර වසා දමා ඇති බව සහතික කිරීම සඳහා අධීක්ෂණය, පරීක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කළ යුතුව ඇති බවත් ඔහු පැවැසීය.

වනජීවීන් ආරක්ෂා කිරීම සහ අනෙකුත් අදාළ නීති හා රෙගුලාසි පිළිබඳ නීතිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද වැන්ග් අවධාරණය කළේය. එසේම වන සතුන් දඩයම් කිරීම සහ එම මාංශ ආහාරයට ගැනීම සඳහා වන  දඩුවම් දැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.