ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්
- 2016-12-20 13:29:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිතුමා විශේෂ සම්මානයක් පිරිනැමීය.
ඊයේ (19දා) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය අඩීරා ලෙවින් මහත්මිය අතින් එය පිරිනැමිණි.
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය අඩිරා ලෙවින් මහත්මිය වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන මහත්වරුන් වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments