Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සියලු ක්ෂේත්‍රයන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් වර්තමාන සමාජයේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණයට බඳුන් විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබිඹුව මාධ්‍ය විය යුතු යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජනමාධ්‍ය පාඨමාලා සියල්ල සම්ප්‍රදායික මාධ්‍යවලින් නව මාධ්‍යවලට වෙනස් වෙමින් පවතිනවා. මේ වන විට 24%ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති ලබාගැනීම සිදුකරනු ලබනවා. මේ ප්‍රමාණය දෙගුණවීම වැඩි ඈතක නොවේ.  ලෝකයේ වෙනස්වීම ඉතා සීඝ්‍රයෙන් සිදුවන නිසා එයට සරිලන ආකාරයෙන් ප්‍රවෘත්ති ලබාදීමට අරගලයක් කළ යුතුයි.  ඒ වාගේම කිසිදු වෘත්තීය ක්ෂේත්‍රයක් තුළ නොමැති අකාශයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රය සතුව පවතින බවත් කීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ වශයෙන් මාධ්‍ය හැඳුන්වූව ද ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ ද මාධ්‍යය තුළ බවත්, වෘත්තීය භාවය, ආචාර ධර්ම පිළිබඳ ව මාධ්‍යවේදියා දැනුම්වත් කළඳ ප්‍රධානීන් ඒ පිළිබඳව දැනුම්වත් නොකිරීම නිසා ප්‍රවෘත්ති කාමරය තුළ ද යටත්වීමට සිදුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා  පෙන්වා දුන්නේය.

මෙහිදී පාඨමාලාවන් 07කට අයත් 275දෙනෙකු වෙනුවෙන් සහතික පිරිනැමිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.