Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ විශ්ව විද්‍යාලය

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මෙහෙයවන ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට 2017 වර්ෂය සඳහා අයදුම්පත් භාර ගැනීම ජනවාරී 13 වැනිදා දක්වා සිදු කෙරේ.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය වලින් පාඨමාලාව පැවැත්වෙන අතර සම්මුඛ පරික්ෂණයක් මගින් සිසුන් බදවා ගනු ලැබේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත හා අදාළ සේවා පළපුරුද්ද ඇති මාධ්‍යවේදීන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර නිදහස් මාධ්‍යවේදීහු, දැනට ලේඛන කටයුතුවල නිරත වන සාහිත්‍යවේදීහුද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණ ශිල්පීන්න්ට මෙම පාඨමාලාවට අයදුම් කළ හැකි බව සරසවිය කියයි.

වැඩිවිස්තර www.cmb.ac.lk වෙබ් අඩවියෙන් හෝ 011 2 500431 ජනමාධ්‍ය අංශයේ දුරකතන අංකයෙන් දැනගත හැකි බව විශ්ව විද්‍යාල ජනමාධ්‍ය අංශය කියයි.

--------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ vi වැනි කණ්ඩායම සඳහා ද මේ දිනවලදී සිසුන් බඳවා ගැනේ. යුනෙස්කෝ සංවිධානය මගින් පුහුණු මාධ්‍ය වේදීන් සඳහා නිර්දේශ කර ඇති විෂය නිර්දේශ පදනම් කරගනිමින් මෙම පාඨමාලාව ද පැවැත්වේ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාම්‍ය පෙළ සිංහල විෂය සඳහා සාමාර්තයක් සහිතව උසස් පෙළ සමත් සිසුන් සඳහා පාඨමාලාවට සහභාගි විය හැකිය. ඔබ විසින් සකස්කල අයදුම්පත්‍රයක්, ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව, යනුවෙන් ලියුම් කවරයේ වම් කෙලවරේ ඉහළින් සඳහන් කර පුවත්පත් කොමසාරිස්, අංක 155/15, කසල් විදීය, කොළඹ 08. ලිපිනයට යොමු කර හැක.වැඩි විස්තර 011 2693274/1 හෝ

නිරෝෂන් තඹවිට 

පුවත්පත් කොමසාරිස් (වැ.බ)

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, www.slpc.lk

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.