Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසර හිතකාමී ව්‍යාපාරික ප්‍රජාවක් සමගින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින්  පරිසරය ආරක්ෂා කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන ශ්‍රී ලාංකීය පුරවැසියන්  ජාතික මට්ටමින් ඇගයීමට ලක් කරනු ලබන 2017 ජනාධිපති පරිසර සම්මාන සඳහා  අයදුම්පත් කැඳවීම දැන් අරඹා ඇත.  ගරු පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ  සංකල්පයකට අනුව අනාගත ශ්‍රී ලාංකීය පුරවැසියන් නීල හරිත යුගයක් කරා ගෙනයාම මුඛ්‍ය අරමුණු කර ගනිමින් මේ වන විට පුඵල් ආකාරයෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් පවතී. එම පුඵල් වැඩපිළිවලේ දී ජනාධිපති පරිසර සම්මාන වැඩසටහනට හිමිවනුයේ සුවිශේෂි ස්ථානයකි.

 පරිසර විෂය ක්ෂේත්‍රයට අදාළව සිදු කරන ලද විශිෂ්ට සේවය සදහා ආයතන, සංවිධාන, පුද්ගලයින් හා ක්‍රියාදාමයන් ඇගයීමකට ලක් කර ඔවුන්ට රාජ්‍ය ගරුත්වය ලබා දී සිවිල් සමාජ වටිනාකම් ඇති කිරීමත් ඔවුන්ගේ මෙහෙවර තව තවත් දිරි ගැන්වීමත්, මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරේ. පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය උදෙසා පොදුජන උද්යෝගය හා ක්‍රියාකාරී සහභාගිත්වය ගොඩනැංවීමත්, සමාජය සංවිධාන කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. 

A හා B වශයෙන් කාණ්ඩ 2ක් යටතේ අයදුම්පත් කැඳවන අතර  A කාණ්ඩයට, අයත් වනුයේ පාසල්, පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනකරණ ව්‍යාපෘති, පරිසර ක්ෂේත්‍රය සදහා විශිෂ්ට දායකත්වයක් සැපයූ පුද්ගලයන්, පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන හොදම රාජ්‍ය නොවන සංවිධානය, පරිසර හිතකාමී රාජ්‍ය ආයතනය, පරිසර හිතකාමී නව නිර්මාණ, පරිසර හිතකාමී ගොවිපොල, පාරසරික සාහිත්‍ය හා පාරිසරික ජනමාධ්‍යවේදී... ආදී වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර 9ක් යටතේ සැලසුම් කර ඇත. B  කාණ්ඩය යටතේ කර්මාන්ත හා ව්‍යාපාර අංශය සඳහන් කොට ඇති අතර ක්‍රීයාවලීන් 13ක් ඒ යටතේ හඳුනා ගෙන ඇත. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය, රසායනික නිෂ්පාදනය කර්මාන්ත, වාහන සේවා ස්ථානය, ආහාරපාන නිෂ්පාදන කර්මාන්තය, හොඳම හෝටලය, රෙදිපිළි සැකසුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන හා රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත, ආරෝග්‍යශාලාව, රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, සත්ත්ව ගොවිපල කර්මාන්ත, නිමි ඇදුම් කර්මාන්ත, තේ කර්මාන්ත හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආදී වශ්‍යයෙනි.

2017 ජනාධිපති පරිසර සම්මාන තරඟය සදහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන ඕනෑම භාෂා මාධ්‍යයකින් තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. අයදුම් කිරීම පිළිබඳ සම්පූර්ණ විස්තර  www.cea.lk  යන මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් හා පුවත්පත් මගින් මෙන්ම ප්‍රධාන කාර්යාලයේ, පරිසර දුෂණ පාලන අංශය හා සියඵම පළාත් හා දිස්ත්‍රික් කාර්යාලවලින් ලබා ගත හැකිය. 0112872419 හෝ 0112872278 මගින් මේ පිළිබඳව තොරතුරු ලබා ගත හැකි අතර අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2017 මාර්තු 31 වෙනිදා ය.Media Unit (EE&A) – Central Environmental Authority – 2 873 449

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.