ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය
- 2017-11-30 18:48:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.
සෝල් මෙට්‍රොපොලිටන් හි නගරාධිපති Park Won-soon මහතාගේ නිල කාර්යාලයේ දී අද (30) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී ජනාධිපතිතුමා වෙත එම ගරු පුරවැසිභාවය පිරිනැමිණි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා මෙන්ම ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කර ගැනීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තුළ පවතින නොපසුබස්නා උත්සාහය හා වෙහෙස නොබලා දරන වෑයම ඛෙහෙවින් තම සිත්ගෙන තිඛෙන බවද Park Won-soon මහතා මෙහිදී සදහන් කළේය. ඊට ගෞරවයක් වශයෙන් සමීප මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙට්‍රොපොලිටන් නගරයේ ගරු පුරවැසිභාවය ජනාධිපතිතුමා වෙත පිරිනමන බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ගරු පුරවැසිභාවය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ සහතිකය පිරිනැමීමෙන් අනතුරුව පුරවැසිභාවයේ පදක්කම් ද ජනාධිපතිතුමා වෙත පැළැදවූ නගරාධිපති Park Won-soon මහතා වර්ණවත් සඑවක් ජනාධිපතිතුමා වෙත පැළදවීය.
පුරවැසිභාවය පිරිනැමීම තුළින් මෙට්‍රොපොලිටන් සුන්දර නගරයේ පාර්ශ්වකරුවෙකු වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් නගරාධිපතිවරයාට සහ නගර වැසියන්ට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, එය තමාට පමණක් නොව ශ්‍රී ලංකා රජයටත් එහි පුරවැසියන්ටත් දැක්වූ ගෞරවයක් ලෙස පිළිගන්නා බව ද සදහන් කළේය.
ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සෝල් මෙට්‍රොපොලිටන් නගරය මෙහෙයවන ආකාරය පාලන මැදිරිය තුළින් දැක බලාගැනීම සදහා ද එක්වූ ජනාධිපතිතුමා එම සාර්ථක අත්දැකීම් කොළඹ නගර සැලැස්මේදී උපයෝගි කර ගැනීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරාළ, මලික් සමරවික්‍රම, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුථ ශ්‍රි ලංකා දුත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය)
Reply To:
Name - Reply Comment
0 Comments