ජපන් අධිරාජ්‍යයාගෙන් විශේෂ සම්මාන ලැබූ ලක් මහාචාර්යවරයා
- 2017-03-03 15:58:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට හා ජපානයේ උසස් අධ්‍යාපනයට ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොන්ටි කාසිම් මහතා ජපන් අධිරාජ්‍යයේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
මහාචාර්ය මොන්ටි කාසිම් මහතාට ගෞරව සම්මානය පිරිනැමීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතාගේ නිල නිවසේ ඊයේ (02දා) විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.
ජපානයේ රිට්සුමිකන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසද කාසිම් මහතා කටයුතු කරයි. ජපාන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය කාසිම් මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය උසස් තලයට ගෙන යාම සදහා ඉටු කරනු ලබන සේවාව අගය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments