Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනය සැමරීමේ දිනය හෙට (11) දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් පාගමනක් සහ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කරයි. එදින පෙ.ව. 8.30 සිට 9.00 දක්වා නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ වී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා මෙම  පාගමනක් පැවැත්වේ. එහිදී ගැහැණු දරුවා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් හා සමස්ත අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීමට අදාළව පණිවිඩ ඇතුළත් බැනර්, පුවරු, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කරනු ලබන අතර  මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමක්ද සිදු කෙරේ. මීට අමතරව පෙ.ව. 10.00 සිට දහවල් 12 දක්වා ජාතික සැමරුම් උත්සවයක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නුග සෙවණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 

මෙහිදී ගැහැණු දරුවා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීම, සමස්ත අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීමට අදාළ පණිවිඩ සමාජගත කිරීම හා 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය ප්‍රචලිත කිරීම යන අරමුණු පදනම් කර ගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ. මීට අමතරව නාට්‍යානුසාරයෙන් අදාළ තොරතුරු දරුවන් වෙත සමීප කරවීම ද ළමා ආරක්ෂාවට අදාළ වීඩියෝ ප්‍රදර්ශනය කිරීම ද සිදුකෙරෙන අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් පවත්වනු ලැබු පෝස්ටර් තරඟාවලියේ සමස්ත ලංකා ජයග්‍රාහකයින් සඳහා සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය ද සිදු කෙරේ. මෙය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කර ඇත.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.